Posts tagged root
Root සර්වර් 13ක් ඇයි?
Feb 7th
DNS ධුරාවලික ආකෘතියේ පලවෙනි මට්ටමේ තියෙන්නේ Root සර්වර්. මුලු ආකෘතියම රඳා පවතින්නේ මේ සර්වර් 13 මත. ඇයි සර්වර් 15ක් හරි 12ක් හරි නොවී 13ක් වුනේ? DNS query එකක් යැවෙන්නේ UDP හරහා. මේ ප්‍රොටෝකෝලයට අනුව එක් පැකට් එකක් (UDP වලදි පැකට් එකක් හඳුන්වන්නේ Datagram එකක් ලෙසට) බයිට් 512ට වඩා වැඩි වෙන්න බැහැ. ඊළඟ සැලකිය යුතු කාරණයෙ [...]
DNS ක්‍රියාවලිය
Feb 6th
බ්‍රව්සරයේ address bar එක තුල අප විසින් http://blog.example.lk ලෙස වෙබ් ලිපිනය සඳහන් කරනවා. දැන් මෙම ලිපිනය IP address එකක් බවට පත් කල යුතුයි. මේ සඳහා මුලින්ම සේවාග්‍රාහකයා (client) ළඟ තිබෙන ගොනුවේ (hosts ගොනුව) මෙම ඩොමේනය තිබෙනවාදැයි සොය බලනවා. එම ඩොමේනය යටතේ ඇතුලත් කිරීම තිබෙනවානම් DNS සඳහා යොමු වෙන්නේ නැහැ. එසේ නැතිනම් ඉන්පසුව DNS සඳහා යොමු [...]
DNS ගැන කතා
Feb 4th
ජාලකරණය පිළිබඳ යම් අදහසක් ඇති කෙනෙක් IP address එකක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. IP address එකක් කියන්නේ සාමාන්‍ය ලෝකෙදි නිවසකට තියෙන ලිපිනයක් වගේම තමයි. ජාලය තුල තියෙන පරිගණකයක් (වඩාත් නිවැරදිව කියනවානම් NIC එකක්) අනන්‍යව හඳුනාගැනීමට යොදාගන්නේ IP address එක. අන්තර්ජාල භාවිතය තුල IP address වැදගත් වෙන්නෙ ඉහත කියපු දේට. අන්තර්ජාලය තුල ඇති පරිගණක අනන්‍ය වූ [...]
උබුන්ටු තුල නැති root ඇති කිරීම
Nov 10th
උබුන්ටු ලිනක්ස් ඇතුලේ ටර්මිනලයක su කියලා අපිට root වලට ඇතුලු වෙන්න සාමාන්‍යයෙන් බැහැ. ඒ වෙනුවට ඒ අය ඉදිරිපත් කරන විසඳුම තමයි sudo. ඒත් අපිට මොකක් හරි වැඩකට ටර්මිනලයේ root අවශ්‍ය වුනොත් කොහොමද ලබා ගන්නේ? sudo -i මේ විධානය දුන්නට පස්සේ කෙලින්ම root@yourmachine:~# prompt එක පැමිණෙයි. ඒ අපි තාම root ට රහස් පදයක් ලබා දුන්නේ නැති [...]
MySQL Root Password වෙනස් කිරීම
Mar 15th
Wamp පැකේජය ස්ථාපනය කලාට පස්සේ අපිට Apache, MySQL server යුවල ලැබෙනවා. MySQL කියන්නේ Database server එකක්. අපේ වෙබ් අඩවයික හරි වෙනත් ඕනෑම පද්ධතියක හරි දත්ත ගබඩා වෙන්නේ Database server එකේ. ඉතින් මේ දත්ත ගබඩාව ආරක්ෂා කර ගන්න එක පද්ධතිය host කරන තැන වගකීමක්. අපි web space එකක් මිලට ගන්නකොට මේ ආරක්ෂාව ගැනත් හොයලා බලන්න ඕනේ. [...]
