ලිනක්ස් වල ෆයිල් සහ ගොනු හැඩ ගැසී ඇති ආකාරය තේරුම් ගැනීම එහි වැඩ කිරීමෙදි ඉතාමත් වැදගත්. මේ දැන් පිටපත් කරපු ෆයිල් එකක් වෙනස් කරන්න බෑ කියලා කියනකොට, ගොනුවක්/ඩිරෙක්ටරියක් විවෘත කර ගන්න බෑ කියනකොට වෙන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් හරි අදහසක් තියෙනවා නම් ඉක්මනට විසඳුමක් හොයාගන්න පුලුවන්. ලිනක්ස් වලදි ඕනෙම දෙයක් ෆයිල් එකක්. සාමාන්‍යයෙන් ෆයිල් වර්ග කිහිපයක් [...]