Ubuntu
SCIM සහ Openoffice.org | SCIM & Openoffice.org
Apr 19th
ලිනක්ස් ඇතුලෙදි සිංහල යතුරු කරන්න මම භාවිතා කරන්නේ SCIM මෘදුකාංගය. 9.1 වලට පෙරනිමියෙන් ආපු iBus අයින් කරලා SCIM දාන්න තරම් මම ඒකට හුරු වෙලා තියෙනවා. ළඟදි දවසක Openoffice.org පැකේජය ඔවුන්ගේ වෙබ් අඩවියෙන් බාගත කරලා තිබුන එක අයින් කරලා ස්ථාපනය කලා. උබුන්ටු repository වලට Oo.org නවතම අනුවාදය(3.2) ඇතුලත් කරලා නැති නිසා දැනට තියෙන විසඳුම කෙලින්ම Openoffice.org වෙබ් අඩවියෙන් බාගත කිරීම. මෙහෙම ස්ථාපනය [...]
Lucid Lynx සමග දිනයක් – උබුන්ටු 10.04 Alpha | A day with Lucid Lynx – Ubuntu 10.04 Alpha
Mar 24th
උබුන්ටු 10.04 බීටා නිකුතුවකුත් තියෙන කාලෙ ඇල්ෆා දාගෙන විනාස කර ගත්ත කතා නිකන් ආදී කාලේ වගේ ඇති. ඒත් අලුතින් එන ඇල්ෆා සංස්කරණයක් පාවිච්චි කරන්න තරම් උණ තියෙන කෙනෙකුටනම් මේවා රස කතා. මම මුලින්ම කලේ මගේ තිබුන 9.1 සංස්කරණයේ ඉඳන් dist-upgrade එකක් දාපු එක. මේක කරන්නේ මෙහෙමයි. Applications -> Accessories -> Terminal හරහා ටර්මිනලයක් විවෘත කර ගෙන පහත විධාන නිකුත් කරන්න. ඔබ අවසර [...]
Apt-get Update වලදි GPG Error එකක් එනවද? | Fixing Apt-Get Update GPG Error
Mar 11th
උබුන්ටු මෙහෙයුම් පද්ධතිය තුලදි යාවත්කාලීන කිරීම වලට භාවිතා වෙන්නේ apt-get update විධානය. මේ විධානය ලබා දුන්නට පස්සේ කලින් සඳහන් කරලා තියෙන මූලයන්ගෙන් අවශ්‍ය පැකේජ version පරීක්ෂා කරලා බලලා බාගත කරගෙන ඒවා ස්ථාපනය කරන එක. Apt වගේ පැකේජ කළමණාකරන පද්ධතියකින් ඇති වැඩිපුර වාසිය වෙන්නේ අවශ්‍ය dependencies හොයලා බලලා ඒවාත් ස්ථාපනය කරලා දෙන එක. අනිත් එක මේ වගේ අපිට මූලයන් සඳහන් කරන්න පුලුවන්. [...]
උබුන්ටු තුල නැති root ඇති කිරීම
Nov 10th
උබුන්ටු ලිනක්ස් ඇතුලේ ටර්මිනලයක su කියලා අපිට root වලට ඇතුලු වෙන්න සාමාන්‍යයෙන් බැහැ. ඒ වෙනුවට ඒ අය ඉදිරිපත් කරන විසඳුම තමයි sudo. ඒත් අපිට මොකක් හරි වැඩකට ටර්මිනලයේ root අවශ්‍ය වුනොත් කොහොමද ලබා ගන්නේ? sudo -i මේ විධානය දුන්නට පස්සේ කෙලින්ම root@yourmachine:~# prompt එක පැමිණෙයි. ඒ අපි තාම root ට රහස් පදයක් ලබා දුන්නේ නැති [...]
කාර්මික් කොආලා සමඟ දවසක්
Nov 2nd
උබුන්ටු අලුත්ම නිකුතුව 9.1 Karmic Koala ලෙස දින කිහිපයකට පෙර නිකුත් කලා. මෙහි 32bit Desktop edition බාගත කිරීමට මෙතන ක්ලික් කිරීමෙන් පුලුවන්. හැකි නම් මෙහි බිට් ටොරෙන්ටය මගින් බාගත කර ගන්න. නිකුත් කිරීමට පෙර සිටම මෙම අනුවාදය නොයෙකුත් කට කතා පතුරවලා තිබුනා. ප්‍රධානම එකක් වුනේ තත්පර 10න් බූට් වෙන්න පුලුවන් කියන එක. ඉතින් මේ විනාඩි [...]
Ubuntu තුල ISO images mount කිරීම
Oct 24th
ISO image එකක් කියන්නේ CD හෝ DVD එකක් අන්තර්ගතය compress කරලා සාදන තනි ගොනුවක්. බොහෝ විට මෙවැනි ගොනුවක් භාවිතා කරන්නේ නැවත CD හෝ DVD එකකට ලිවීමට. නමුත් CD/DVD එකක් ලඟ නැත්තන් අපිට මෙම ගොනුව විවෘත කර ගැනීමේ ගැටළුවක් එනවා. Windows තුලදී PowerISO වැනි මෘදුකාංග භාවිතා කරලා virtual drive එකකට mount කර ගන්න පුලුවන්. දැන් VirtualBox [...]
Ubuntu තුල Scanner ස්ථාපනය : Epson Perfection 660
Sep 22nd
මම මුලින්ම පරිගණකයක් මිලට ගන්නකොට ඒ කාලෙ තිබුන උණට ගත්තා පරිලෝකන යන්ත්‍රයක් (හික්. වචනෙ හරිද මන්ද.සිංහලෙන් නම් ස්කෑනරයක්). Epson Perfection 660 මොඩලයේ එකක්. ඒකත් එක්ක ආවේ Windows XP drivers. ඒවා ඒ කාලෙට හරි ගියා. නමුත් විස්ටා පද්ධතිය ස්ථාපනය කලාට පස්සෙයි හොයාගත්තේ විස්ටා drivers නැහැ කියලා. ලිනක්ස් වලට මාරු වුනාට පස්සේ අදයි මට මේ අටමගල පාවිච්චි [...]
Ubuntuzilla තුලින් Firefox ස්ථාපනය
Sep 13th
Firefox බ්‍රව්සරයේ අලුත් නිකුතුව 3.5.3 මෑතකදි නිකුත් කලා. වින්ඩෝස් පරිශීලිකයින්ට නම් මෙම සබැඳිය හරහා Firefox බාගත කර ගන්න පුලුවන්. නමුත් ලිනක්ස් පරිශීලිකයින්ට නවතම Firefox නිකුතුවන් ස්ථාපනය කර ගැනීම පහසු වන්නේ නැහැ. Firefox නවතම නිකුතුවන් Repository හරහා ලබා ගැනීමට මදක් කල් යනවා. ඒ වෙනකොට ඒවා “නවතම” නිකුතුවන් නෙමෙයි. Update එකක් නිකුත් කරන හැම වතාවකම වෙබ් අඩවියට [...]
Totem player වල උපසිරැසි(subtitles) පේන්නේ නැද්ද?
May 20th
ඔබ ලිනක්ස් වල movie player එක ලෙස භාවිතා කරන්නේ Totem Movie player නම් එහි .srt උපසිරැසි නොපෙන්වීම දැක ඇති. මේ සඳහා විසඳුම් කිහිපයක් තියෙනවා. අලුත් අනුවාදන වල සිට Totem Movie player වල උපසිරැසි පෙරනිමියෙන් විවෘත කිරීම අත්හිටවා තිබෙනවා. ඒ ආරම්භ කිරීමේ දී වැඩි වෙලාවක් ගත වන නිසා. මෙය නැවත සක්‍රීය කර ගැනීමට පහත පියවර අනුගමනය [...]
