Linux
Apt-get Update වලදි GPG Error එකක් එනවද? | Fixing Apt-Get Update GPG Error
Mar 11th
උබුන්ටු මෙහෙයුම් පද්ධතිය තුලදි යාවත්කාලීන කිරීම වලට භාවිතා වෙන්නේ apt-get update විධානය. මේ විධානය ලබා දුන්නට පස්සේ කලින් සඳහන් කරලා තියෙන මූලයන්ගෙන් අවශ්‍ය පැකේජ version පරීක්ෂා කරලා බලලා බාගත කරගෙන ඒවා ස්ථාපනය කරන එක. Apt වගේ පැකේජ කළමණාකරන පද්ධතියකින් ඇති වැඩිපුර වාසිය වෙන්නේ අවශ්‍ය dependencies හොයලා බලලා ඒවාත් ස්ථාපනය කරලා දෙන එක. අනිත් එක මේ වගේ අපිට මූලයන් සඳහන් කරන්න පුලුවන්.
මේ [...]
Eclipse ලිනක්ස් තුල ස්ථාපනය කර ගැනීම
Dec 5th
Java සහ වෙනත් පරිගණක භාෂා භාවිතයේදී eclipse කියන්නේ හැමෝම දන්න දෙයක්. eclipse කියන්නේ IDE එකක්. නමුත් වෙනත් IDE (netbeans, Jbuilder etc) වලට වඩා developers ලාගේ සිත් ගත් එකක්. ඒ හුඟක් වෙලාවට eclipse වෙනස් කර ගන්න බොහෝම ලේසි නිසා.
ලිනක්ස් තුලට eclipse ස්ථාපනය කර ගන්න පුලුවන් විධි දෙකක් (සාමාන්‍යයෙන්) තියෙනවා. එකක් package manager භාවිතා කරලා ස්ථාපනය කර [...]
උබුන්ටු තුල නැති root ඇති කිරීම
Nov 10th
උබුන්ටු ලිනක්ස් ඇතුලේ ටර්මිනලයක su කියලා අපිට root වලට ඇතුලු වෙන්න සාමාන්‍යයෙන් බැහැ. ඒ වෙනුවට ඒ අය ඉදිරිපත් කරන විසඳුම තමයි sudo. ඒත් අපිට මොකක් හරි වැඩකට ටර්මිනලයේ root අවශ්‍ය වුනොත් කොහොමද ලබා ගන්නේ?
sudo -i
මේ විධානය දුන්නට පස්සේ කෙලින්ම root@yourmachine:~# prompt එක පැමිණෙයි. ඒ අපි තාම root ට රහස් පදයක් ලබා දුන්නේ නැති නිසා (නෑ. [...]
කාර්මික් කොආලා සමඟ දවසක්
Nov 2nd
උබුන්ටු අලුත්ම නිකුතුව 9.1 Karmic Koala ලෙස දින කිහිපයකට පෙර නිකුත් කලා. මෙහි 32bit Desktop edition බාගත කිරීමට මෙතන ක්ලික් කිරීමෙන් පුලුවන්. හැකි නම් මෙහි බිට් ටොරෙන්ටය මගින් බාගත කර ගන්න.
නිකුත් කිරීමට පෙර සිටම මෙම අනුවාදය නොයෙකුත් කට කතා පතුරවලා තිබුනා. ප්‍රධානම එකක් වුනේ තත්පර 10න් බූට් වෙන්න පුලුවන් කියන එක. ඉතින් මේ විනාඩි 10 [...]
Ubuntu තුල ISO images mount කිරීම
Oct 24th
ISO image එකක් කියන්නේ CD හෝ DVD එකක් අන්තර්ගතය compress කරලා සාදන තනි ගොනුවක්. බොහෝ විට මෙවැනි ගොනුවක් භාවිතා කරන්නේ නැවත CD හෝ DVD එකකට ලිවීමට. නමුත් CD/DVD එකක් ලඟ නැත්තන් අපිට මෙම ගොනුව විවෘත කර ගැනීමේ ගැටළුවක් එනවා. Windows තුලදී PowerISO වැනි මෘදුකාංග භාවිතා කරලා virtual drive එකකට mount කර ගන්න පුලුවන්. දැන් VirtualBox [...]
අවසරයි!! chmod සහ chown
Oct 7th
ලිනක්ස් වල ෆයිල් සහ ගොනු හැඩ ගැසී ඇති ආකාරය තේරුම් ගැනීම එහි වැඩ කිරීමෙදි ඉතාමත් වැදගත්. මේ දැන් පිටපත් කරපු ෆයිල් එකක් වෙනස් කරන්න බෑ කියලා කියනකොට, ගොනුවක්/ඩිරෙක්ටරියක් විවෘත කර ගන්න බෑ කියනකොට වෙන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් හරි අදහසක් තියෙනවා නම් ඉක්මනට විසඳුමක් හොයාගන්න පුලුවන්.
ලිනක්ස් වලදි ඕනෙම දෙයක් ෆයිල් එකක්. සාමාන්‍යයෙන් ෆයිල් වර්ග කිහිපයක් තියෙනවා.
සාමාන්‍ය [...]
Ubuntu තුල Scanner ස්ථාපනය : Epson Perfection 660
Sep 22nd
මම මුලින්ම පරිගණකයක් මිලට ගන්නකොට ඒ කාලෙ තිබුන උණට ගත්තා පරිලෝකන යන්ත්‍රයක් (හික්. වචනෙ හරිද මන්ද.සිංහලෙන් නම් ස්කෑනරයක්). Epson Perfection 660 මොඩලයේ එකක්. ඒකත් එක්ක ආවේ Windows XP drivers. ඒවා ඒ කාලෙට හරි ගියා. නමුත් විස්ටා පද්ධතිය ස්ථාපනය කලාට පස්සෙයි හොයාගත්තේ විස්ටා drivers නැහැ කියලා. ලිනක්ස් වලට මාරු වුනාට පස්සේ අදයි මට මේ අටමගල පාවිච්චි [...]
Ubuntuzilla තුලින් Firefox ස්ථාපනය
Sep 13th
Firefox බ්‍රව්සරයේ අලුත් නිකුතුව 3.5.3 මෑතකදි නිකුත් කලා. වින්ඩෝස් පරිශීලිකයින්ට නම් මෙම සබැඳිය හරහා Firefox බාගත කර ගන්න පුලුවන්. නමුත් ලිනක්ස් පරිශීලිකයින්ට නවතම Firefox නිකුතුවන් ස්ථාපනය කර ගැනීම පහසු වන්නේ නැහැ. Firefox නවතම නිකුතුවන් Repository හරහා ලබා ගැනීමට මදක් කල් යනවා. ඒ වෙනකොට ඒවා “නවතම” නිකුතුවන් නෙමෙයි. Update එකක් නිකුත් කරන හැම වතාවකම වෙබ් අඩවියට [...]
Fedora 10 තුල subnet mask ගැටළුව
Jul 4th
ළඟදී දවසක පරිගණකයකට Fedora 10 ස්ථාපනය කලා. ස්ථාපනයෙන් පසුව ඕනෙම කෙනෙක් පළවෙනියටම කරන දෙයක් තමයි අන්තර්ජාල සම්බන්ධතාවය සාදා ගන්න එක. අදාල පරිගණකයට තිබුනේ NAT හරහා ලබා දී තිබුන static IP එකක්. සාමාන්‍යයෙන් මේ ආකාරයේ සම්බන්ධතාවයක් සාදාගන්නේ System->Administration->Network වෙත ගොස් එහි ඇති eth0 තෝරා Edit කිරීමයි. එහිදී ලැබෙන window එකේ static IP තොරතුරු (IP address, Subnet [...]
