Internet
Root සර්වර් 13ක් ඇයි?
Feb 7th
DNS ධුරාවලික ආකෘතියේ පලවෙනි මට්ටමේ තියෙන්නේ Root සර්වර්. මුලු ආකෘතියම රඳා පවතින්නේ මේ සර්වර් 13 මත. ඇයි සර්වර් 15ක් හරි 12ක් හරි නොවී 13ක් වුනේ? DNS query එකක් යැවෙන්නේ UDP හරහා. මේ ප්‍රොටෝකෝලයට අනුව එක් පැකට් එකක් (UDP වලදි පැකට් එකක් හඳුන්වන්නේ Datagram එකක් ලෙසට) බයිට් 512ට වඩා වැඩි වෙන්න බැහැ. ඊළඟ සැලකිය යුතු කාරණයෙ [...]
DNS ක්‍රියාවලිය
Feb 6th
බ්‍රව්සරයේ address bar එක තුල අප විසින් http://blog.example.lk ලෙස වෙබ් ලිපිනය සඳහන් කරනවා. දැන් මෙම ලිපිනය IP address එකක් බවට පත් කල යුතුයි. මේ සඳහා මුලින්ම සේවාග්‍රාහකයා (client) ළඟ තිබෙන ගොනුවේ (hosts ගොනුව) මෙම ඩොමේනය තිබෙනවාදැයි සොය බලනවා. එම ඩොමේනය යටතේ ඇතුලත් කිරීම තිබෙනවානම් DNS සඳහා යොමු වෙන්නේ නැහැ. එසේ නැතිනම් ඉන්පසුව DNS සඳහා යොමු [...]
DNS ගැන කතා
Feb 4th
ජාලකරණය පිළිබඳ යම් අදහසක් ඇති කෙනෙක් IP address එකක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. IP address එකක් කියන්නේ සාමාන්‍ය ලෝකෙදි නිවසකට තියෙන ලිපිනයක් වගේම තමයි. ජාලය තුල තියෙන පරිගණකයක් (වඩාත් නිවැරදිව කියනවානම් NIC එකක්) අනන්‍යව හඳුනාගැනීමට යොදාගන්නේ IP address එක. අන්තර්ජාල භාවිතය තුල IP address වැදගත් වෙන්නෙ ඉහත කියපු දේට. අන්තර්ජාලය තුල ඇති පරිගණක අනන්‍ය වූ [...]
OpenID Delegation :: ඔබේ වෙබ් අඩවි ලිපිනය OpenID URL ලෙස භාවිතය
Feb 2nd
OpenID පිළිබඳ ලිපි පෙලේ අවසාන කොටස විදියට මෙම සටහන ලියැවෙනවා. OpenID සේවාදායකයින් ළඟ ලියාපදිංචි වුනාට පස්සේ අපිට ලැබෙන්නේ URL එකක්. එය සාමාන්‍යයෙන් ඔවුන්ගේ ඩොමේන් නාමය ඇතුලත් ලිපිනයක්. එම ලිපිනයේ සඳහන් තොරතුරු වලට අනුව තමයි අදාල OpenID සර්වරය තෝරා ගෙන අපව authenticate කර ගන්නේ. OpenID යොදාගෙන බ්ලොග් අඩවියක ප්‍රතිචාර යොදා තිබෙන තැනක් මත click කලොත් අප [...]
ඔබේ වෙබ් අඩවියේ පරිශීලක කලමනාකරණය OpenID වෙත භාර දෙමු : JanRain RPX + PHP
Jan 25th
කලින් ලිපි සටහන් දෙකක Single Sign-on හා OpenID සඳහා හඳුන්වාදීමකුත්, OpenID සේවාදායකත්වය පිළිබඳ විස්තරයකුත් කෙරුණා. එම ලිපි කියෙව්වොත් තේරෙනවා දිනෙන් දින OpenID භාවිතා කරන්නන් ප්‍රමාණය වැඩි වන බව. ඒ වගේම OpenID යොදා ගෙන වෙබ් අඩවි නිර්මාණය වඩ වඩාත් පහසු කර ගන්නත් පුලුවන් බව මේ ලිපියෙන් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. අපි නිර්මාණය කරන වෙබ් අඩවි තුල පරිශීලකයින් [...]
OpenID සේවාදායකයින් ගැන කෙටි හැඳින්වීමක්
Jan 24th
අවසාන ලිපියේ සඳහන් වුන විදියට අපිට OpenID සේවාව ලබා ගත හැකි ක්‍රම දෙකක් තියෙනවා. දැනටම මෙම සේවාව ලබා දෙන තැනකින් අපට URL එකක් ලබා ගැනීම අපගේ domain එකක් භාවිතා කර එය OpenID එකක් ලෙස යොදා ගැනීම දැනටමත් OpenID සේවාව ලබා දෙන ප්‍රසිද්ධ සේවාදායකයින් කිහිප දෙනෙක් සිටිනවා. මෙතනදී සේවා දායකයෙක් කියන්නේ OpenID සම්මුතියට එකඟව සේවාව සපයන [...]
Single Sign-on සහ OpenID
Dec 31st
අන්තර්ජාල පරිශීලකයින් විදිහට අපි නොයෙකුත් සේවා භාවිතා කරනවා. Gmail වැනි වෙබ් ආශ්‍රිත ඊමේල් සේවා, Blogger හෝ WordPress වැනි සේවා ආදී වශයෙන් මේවා බොහෝම පුළුල් පරාසයක විහිදෙන්න පුලුවන්. ඒ විදිහට විහිදෙන අතරේ එම සේවා සපයන සේවාදායකයින් ප්‍රමාණයත් ඉතාමත් වැඩි වෙන්න පුලුවන්. එතකොට අපි මෙම සේවා එකින් එක භාවිතා කරන්න කලින් සාමාන්‍යයෙන් username හා password ද්විත්වය භාවිතා [...]
Twitter : conspiracy theory made true?
Jun 8th
Bourne කතා මාලාව, X-Files, Eagle Eye වැනි චිත්‍රපටි වල තියෙන්නේ මහා පරිමාණයේ කුමන්ත්‍රණ ගැන. රාජ්‍ය පුරා පැතිරුන, සමහර විට රාජ්‍යටත් උඩින් (කෘත්‍රිම බුද්ධික පරිගණක වලින්) මෙහෙයවන කුමන්ත්‍රණයක් පරාජය කිරීම කතාවේ වීරයාට ලැබෙන කාර්‍යය. මේ වගේ චිත්‍රපටි වල බොහෝ වෙලාවවට දකින්න තියෙන දෙයක් තමයි මොකක් හරි ඒජන්සියක් හෝ පරිගණකයක් මගින් ලෝකයේ ඕනෑම කෙනෙක් දුරකථනයකින් හෝ අන්තර්ජාලය [...]
netbeans pen drive එක ආවා !!! :)
May 11th
[english] Netbeans Refer-a-friend වැඩසටහනින් නොමිලේ pen drive එකක් ලබා දුන්නා යාළුවන් 5 දෙනෙකුන්ට netbeans මෘදුකාංගයක් ලබා දුන්නොත්. මට හොඳ යාළුවෝ හිටිය නිසා වැඩේ දවසින් හරි ගියා මාර්තු මුලදි යාළුවන් පස් දෙනෙකුට හඳුන්වලා දුන්නා. අද (මැයි 11) pen drive එක තැපෑලෙන් ඇවිත් තිබුනා. මෙන්න පින්තූර ටිකක්. Pen drive එකත් එක්ක මෘදුකාංග ටිකකුත් ආවා. පුලුවන්නම් කියන්න මොනවද [...]
