OpenID Delegation :: ඔබේ වෙබ් අඩවි ලිපිනය OpenID URL ලෙස භාවිතය

OpenID පිළිබඳ ලිපි පෙලේ අවසාන කොටස විදියට මෙම සටහන ලියැවෙනවා.
OpenID සේවාදායකයින් ළඟ ලියාපදිංචි වුනාට පස්සේ අපිට ලැබෙන්නේ URL එකක්. එය සාමාන්‍යයෙන් ඔවුන්ගේ ඩොමේන් නාමය ඇතුලත් ලිපිනයක්. එම ලිපිනයේ සඳහන් තොරතුරු වලට අනුව තමයි අදාල OpenID සර්වරය තෝරා ගෙන අපව authenticate කර ගන්නේ. OpenID යොදාගෙන බ්ලොග් අඩවියක ප්‍රතිචාර යොදා තිබෙන තැනක් මත click කලොත් අප දර්ශනය වෙන්නේ බොහෝ වෙලාවට ඒ සේවා දායකයින්ගේ පිටු.
නමුත් අපිට අපේ ඩොමේනයක් OpenID URL එක ලෙස භාවිත කිරීමේ හැකියාවත් තිබෙනවා. නමුත් එයට අපි විසින් OpenID සර්වරයක් කළමනාකරණය කල යුතු නෑ. ඒ වෙනුවට වෙනත් OpenID සේවාදායකයෙකුගේ සේවාවේ සර්වරයෙන් ඒ වැඩේ කර ගන්න පුලුවන්. මෙය OpenID භාෂාවෙන් හඳුන්වන්නේ delegation කියලා.
පලමුවෙන්ම OpenID සේවාදායකයෙකු ලඟ ලියා පදිංචි විය යුතුයි. මේ සඳහා ජනප්‍රිය සේවාදායකයින් පිළිබඳ කෙටි විස්තරයක් කලින් ලිපියක තිබෙනවා.
ඉන්පසු පහත කේත කොටස අපගේ වෙබ් අඩවියේ index පිටුවේ ඇති </header> ටැගයට උඩින් ඇතුලත් කල යුතුයි.
<link rel="openid.server" href="http://openidserverurl" /> <link rel="openid.delegate" href="http://openiddelegateurl" />
මෙහි දී openid.server හි href අගය සඳහා ඔබ ලියාපදිංචි වුන OpenID සේවාදායකයාගේ server URL එක ලබා දිය යුතුයි. openid.delegate හි href අගයට සේවාදායකයාගේ delegate URL එක ලබා දිය යුතුයි.
මෙම අගයන් ලබා ගැනීමට පහත ආකාරය අනුගමනය කරන්න පුලුවන්.
- ඔබගේ OpenID සේවාදායකයා ලබා දුන් URL එකට බ්‍රව්සරයක් යොදාගෙන යන්න.
- එහි Right Click කර View Page Source තෝරන්න.
- ලැබෙන කේතය පරීක්ෂා කර බැලුවොත් ඉහත ටැග සොයා ගැනීමට පුලුවන්. ඒවාගේ href සඳහා ඇති අගයන් ලබා ගන්න පුලුවන්.
උදාහරණයකට මම භාවිතා කරන claimid.com URL එකේ පහත ටැග නිරීක්ෂණය කරන්න පුලුවන්.
<link rel="openid.server" href="https://openid.claimid.com/server" /> <link rel="openid.delegate" href="https://openid.claimid.com/chamila_dealwis" />
දැන් ඔබගේ පිටුව save කර සර්වරයට upload කරන්න.
OpenID භාවිතයේදී ඔබේ වෙබ් අඩවියේ URL එක ඇතුලත් කරන්න. Authenticate කර ගැනීම සිදුවන්නේ පරණ ආකාරයටම සේවාදායකයාගේ පිටුවේදීයි. ඒ සඳහා ඔබ අලුතින් පිටු සෑදීමක් අවශ්‍ය වන්නේ නැහැ.

about 1 month ago
මම පාවිච්චි කරන්නෙ Wordpressහි ඇති OpenID ප්ලගීනය. ඒකෙන් ඔක්කොම වැඩ ටික කරනවා. අපිට code edit කරන්න අවශ්‍ය නෑ.
නමුත් Blogger තුල එම OpenID හඳුනාගන්නෙ නෑ.
මේ ක්‍රමයෙන් බ්ලොගර් තුලත් OpenID එක භාවිතා කරන්න පුළුවන් ද?
about 1 month ago
Blogger තුල පොතේ හැටියට හරියන්න ඕනෙ. මේක කරලා බලන්න. පුලුවන් නම් සාර්ථක ද කියලා කියන්න
හැබැයි ඉතින් Blogger URL එක කොහොමත් OpenID නේද?
about 1 month ago
එල, මේ ගැන අහල කලින් ලිපියෙදි කොමෙන්ටුවක් දාන්න හිටියෙ. දැන් හරි. ස්තුතියි!
about 1 month ago
එළ
about 1 month ago
මම නම් ඉතිං blogger. ඒක නිසා wordpress ගැන එච්චර දැනුමක් නෑ.. දාල බලන්න ඕන.. එල ලිපි ට්ක මචන්.