ubuntuzilla-logoFirefox බ්‍රව්සරයේ අලුත් නිකුතුව 3.5.3 මෑතකදි නිකුත් කලා. වින්ඩෝස් පරිශීලිකයින්ට නම් මෙම සබැඳිය හරහා Firefox බාගත කර ගන්න පුලුවන්. නමුත් ලිනක්ස් පරිශීලිකයින්ට නවතම Firefox නිකුතුවන් ස්ථාපනය කර ගැනීම පහසු වන්නේ නැහැ. Firefox නවතම නිකුතුවන් Repository හරහා ලබා ගැනීමට මදක් කල් යනවා. ඒ වෙනකොට ඒවා “නවතම” නිකුතුවන් නෙමෙයි. Update එකක් නිකුත් කරන හැම වතාවකම වෙබ් අඩවියට ගිහින් බාගත කරගෙන ස්ථාපනය කරන එකත් කරන්න පුලුවන් වැඩක් නෙමෙයි. Check For Updates ඔප්ෂනය සාමාන්‍යයෙන් disable වෙලා තියෙන නිසා මේ වැඩේ තවත් අමාරුයි. Manual ස්ථාපනය කරන එකත් අමාරු වෙන්නේ Shiretoko නමින් User Agent එකත් වෙනස් වෙලා තියෙන නිසා.

මේ ගැටළු වලට විකල්පයක් හොයන කොට තමයි Ubuntuzilla ගැන දැන ගන්න ලැබුනේ. මේක Python script එකක්. උබුන්ටු සහ අනෙකුත් උබුන්ටු මත සෑදුන ලිනක්ස් බෙදා හැරීම් (ex: Linux Mint) තුල Firefox, Seamonkey, Thunderbird නවතම නිකුතුවන් ස්ථාපනය කර දීම කරදරයක් නැතුව මෙය මගින් කර දෙනවා. පරණ නිකුතුවන් අවශ්‍යනම් වෙනම විකල්පයන් ලබා දීලා ඒවා ස්ථාපනය කර ගන්න පුලුවන්. මෙම script එක වැඩ කරන්නේ Mozilla file server එක සමඟ. Ubuntu Repository මත නෙමෙයි. ඒ නිසා Repository එකකට මෙම මෘදුකාංග එනකම් බලා ගෙන ඉන්න ඕනේ නෑ.

මුලින්ම Ubuntuzilla script එක බාගත කර ගන්න ඔනේ. මේ සඳහා Ubuntuzilla Download Page වෙත යන්න. එතනින් ඔබට අවශ්‍ය .deb පැකේජය තෝරා ගන්න වෙනවා. මේ සඳහා ඔබ භාවිතා කරන උබුන්ටු හෝ උබුන්ටු derivative ලිනක්ස් සංස්කරණය 32bit/64bit ද යන්න දැන ගත යුතු වෙනවා (Terminal එක වෙත ගොස් uname -a ලෙස විධානය ලබා දී ඔබේ architecture i386 ද x64 ද යන්න බලා ගත හැකියි). ඉන්පසු එය බාගත කර ගත් තැනට ගොස් අදාල පැකේජය මත double click කරන්න. Terminal එකකින් කරනවානම් අදාල ෆෝල්ඩරයට ගොස් dpkg -i ubuntuzilla-4.7.4-0ubuntu1-i386.deb ලෙස ලබා දෙන්න. දැන් Ubuntuzilla ඔබේ පද්ධතිය මත ස්ථාපනය වෙයි (මේ සඳහා ඔබේ රහස්පදය ලබා දිය යුතුයි).

ඉන්පසු Firefox සම්පූර්ණයෙන් වසා දමන්න (මෙම සටහනේ screenshot එකක් ලබා ගන්න). Terminal එකට ගොස් පහත විධානය ලබා දෙන්න. Ubuntuzilla මගින් අසන ප්‍රශ්න වලට “y” ලෙස ලබා දෙන්න. අවශ්‍ය Locale එකේ අංකය ද ලබා දෙන්න.

ubuntuzilla.py -a install -p firefox

ඉන්පසු මඳ වෙලාවකින් Firefox ස්ථාපනය අවසන් වේවි. අවසාන වශයෙන් firefox update සොයා බැලීම කරන්නදැයි Ubuntuzilla අසයි. එයටත් “y” ලෙස ලබා දෙන්න. දැන් ඔබ අලුත්ම Firefox ස්ථාපනය කර අවසන්. ඔබෙ profile එක නොවෙනස්ව පහසුවෙන් කර ගැනීම Ubuntuzilla විසින් කර දෙනවා.

getpersonasFirefox ස්ථාපනයට පසු getpersonas වෙත ගොස් firefox ලස්සන කර ගන්නත් අමතක කරන්න එපා.

Bibliography:

Install Firefox 3.5 in Ubuntu 9.04 using Ubuntuzilla | Tombuntu