Customizing Blogger Widgets : Blogger විජ්ට්ටු වෙනස් කිරීම
දැන් පැමිණෙන පිටුවේ Edit HTML මත click කරන්න. අපි දැන් කරන්නේ කේත වෙනස් කිරීමක් නිසා යම් හෙයකින් වැරදුනොත් නැවත මුල සිට පටන් ගැනීම සඳහා දැනට පවතින template එක බාගත කර backup කර ගැනීම වටිනවා. මේ සඳහා Download full template මත click කර එයින් ලබා දෙන xml ගොනුව ආරක්ෂිතව බාගත කර ගන්න. ඉන්පසුව HTML කේත උඩින් ඇති Expand Widget Template check box එක check කරන්න.
මෙහි id attribute සඳහා ඇති value එක copy කර ගන්න. අප කරන්න යන්නේ ඒ නමින්ම CSS id selector එකක් සෑදීමයි.]]></b:skin>
#BlogList1{
color: #cccccc;
text-align:justify;
}
මෙම id selector එක සඳහා ඔබට අවශ්‍ය ඕනෑම CSS විධාන ලබා දිය හැක. CSS නිවැරදිව යොදාගැනීමට W3Schools CSS Tutorial එකට යොමුවන්න.
ඔබට අවශ්‍ය වෙනස් කම් කර දැන් template එක save කරගත හැකියි. මේ ආකාරයට අවශ්‍ය ඕනෑම විජට්ටුවක් customize කර ගැනීමට එම විජට්ටුවේ id එක නමින් CSS id selector එකක් පාවිච්චි කිරීමට හැකියි.
No trackbacks yet.
OpenID සේවාදායකයින් ගැන කෙටි හැඳින්වීමක්
about 7 months ago - 2 comments
අවසාන ලිපියේ සඳහන් වුන විදියට අපිට OpenID සේවාව ලබා ගත හැකි ක්‍රම දෙකක් තියෙනවා. දැනටම මෙම සේවාව ලබා දෙන තැනකින් අපට URL එකක් ලබා ගැනීම අපගේ domain එකක් භාවිතා කර එය OpenID එකක් ලෙස යොදා ගැනීම දැනටමත් OpenID සේවාව ලබා දෙන ප්‍රසිද්ධ සේවාදායකයින් කිහිප දෙනෙක් සිටිනවා. මෙතනදී සේවා දායකයෙක් කියන්නේ OpenID සම්මුතියට එකඟව සේවාව සපයන [...]
Single Sign-on සහ OpenID
about 8 months ago - 7 comments
අන්තර්ජාල පරිශීලකයින් විදිහට අපි නොයෙකුත් සේවා භාවිතා කරනවා. Gmail වැනි වෙබ් ආශ්රිත ඊමේල් සේවා, Blogger හෝ WordPress වැනි සේවා ආදී වශයෙන් මේවා බොහෝම පුළුල් පරාසයක විහිදෙන්න පුලුවන්. ඒ විදිහට විහිදෙන අතරේ එම සේවා සපයන සේවාදායකයින් ප්‍රමාණයත් ඉතාමත් වැඩි වෙන්න පුලුවන්. එතකොට අපි මෙම සේවා එකින් එක භාවිතා කරන්න කලින් සාමාන්‍යයෙන් username හා password ද්විත්වය භාවිතා [...]


about 1 year ago
බොහොම වැදගත් ලිපියක්, මොකද මමත් මගේ ටෙම්ප්ලේට් එකත් එක්ක නිතරම ඔට්ටු වෙන කෙනෙක්.
about 1 year ago
මාත් ඔහොම සෙල්ලං දාල තමයි මගේ එකත් හදාගත්තේ. wide screen එකේ හදපු නිසා පොඩි අවුලක් තියෙනවා. ආයිම බලන්න ඕන. බැකප් කරල ඕන තරම් වෙනස් කරල බලන්න වැරදුනොත් බැකප් එක පිහිටයි!!
about 1 year ago
මාත් ඔය ඔට්ටු මිට්ටු තියලා තමා දෙකම හදා ගත්තේ. එකක් නම් අල තමා.