මින් පෙර උබුන්ටු 8.1 මත සිංහල ස්ථාපනය ගැන තිබූ සටහනට දැක්වූ ප්‍රතිචාරයක් නිසා උබුන්ටු 8.1 ස්ථාපනය ගැන මෙම සටහන ලියනවා.

උබුන්ටු සඳහා 256Mb අවම මතකයක්ද 4GB අවම දෘඩ තැටි ඉඩක්ද අවශ්‍ය වේ

මුලින්ම උබුන්ටු ලබා ගැනීම සඳහා http://www.ubuntu.com/getubuntu/download වෙත යන්න. එතනින් ඔබට අවශ්‍ය උබුන්ටු desktop අනුවාදය ලබා ගන්න. එහිදී 32bit ද 64bit ද යන්න තෝරා ගැනීම වැදගත්.

එය බාගත් පසු cd තැටියකට පිටපත් කර පරිගණකය Restart කරන්න. POST Screen එකෙදී (Memory testing, IDE device recognition) Delete යතුර ඔබා BIOS setup එකට ගොස් ඔබගේ Ubuntu CD එක ඇති CD/DVD Drive එක Boot Sequence එකේ පලමු විකල්පය ලෙස දෙන්න. දැන් settings save කර පරිගණකය restart කරන්න.
උබුන්ටු cd එක load වන තුරු බලා ඉන්න. ඉන්පසු පහත screen එක ලැබේ.
එම මෙනු එකෙන් English තෝරා ගන්න. ඉන්පසු ලැබෙන මෙනු එකෙන් Install Ubuntu තෝරා ගන්න. එතනින් පලමුවැනි විකල්පය එනම් Try ubuntu without any changes to your computer තෝරා ගතහොත් උබුන්ටු Live CD load වන අතර එයින් ද ඔබට උබුන්ටු installer එක ක්‍රියාත්මක කර ගත හැක. නමුත් දැනට පලමුවැනි වරටම ස්ථාපනය කරමු.
CD එක මතකයට load වන තුරු මදක් සිටින්න.
ඉන්පසු ලැබෙන window එකෙන් English, installation language ලෙස තෝරා ගන්න. දැන් Forward Click කරන්න.
ඉන් පසු ලැබෙන window එකෙන් Colombo තෝරාගන්න. Forward click කරන්න.
දැන් ඔබ යතුරු පුවරුව තෝරා ගත යුතුයි. එහි වම් පස ලිස්ට් එකෙන් USA තෝරාගෙන දකුණුපස තීරුවෙන් USA තෝරාගන්න. window එකේ පහළ ඇති textbox එකේ අවශ්‍ය නම් ටයිප් කර නිවැරදි ලෙස යතුරු පුවරුව තෝරාගෙන ඇත්දැයි බලාගත හැක. Forward click කරන්න.
දැන් උබුන්‍ටු ස්ථාපනය සඳහා Partition සකස් කිරීමට අවශ්‍යයි. ඒ සඳහා උබුන්ටු වෙතින් විකල්ප දෙකක් ලබාදේ (ඔබ දැනටමත් වෙනත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කර ඇත්නම් විකල්ප තුනක් ලබා දේ).


1)Guided – Use entire disk
මෙම විකල්පය මගින් මුලු තැටියම ෆොමැට් කර උබුන්ටු ස්ථාපනය සඳහා යොදා ගනී. එසේ කර ස්වයංක්‍රීයව partition සකස් කරගනී. මෙමගින් දැනට දෘඩ තැටියේ අඩංගු දත්ත සියල්ල අහිමි වන අතර නැවත සොයාගත නොහැකි තත්වයට පත්විය හැක. එමනිසා ප්‍රවේශමෙන් තෝරා ගන්න.

2)Guided – Resize the partition and use the free space
තවත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කර ඇත්නම් මෙම විකල්පය දර්ශනය වේ. මෙවිට දැනට පවතින partition වලින් ඉඩ නිදහස් කර ගන්නා අතර එසේ කර ගන්නේ ස්ථාපනය කර ඇති මෙහෙයුම් පද්ධතියට හානි නොවන සේය. දැනට පවතින මෙහෙයුම පද්ධතියත් සමගම උබුන්ටු පාවිච්චි කිරීමට (dual boot) අවශ්‍ය නම් මෙම විකල්පය තෝරාගත යුතුය. Dual boot වන විට දැනට තිබෙන මෙහෙයුම් පද්ධතියේ boot manager එක උබුන්ටු GRUB එක මගින් ප්‍රතිස්ථාපනය කර දමයි.

2)Manual
මෙම විකල්පය තෝරා ගත යුත්තේ යම් තාක් දුරට මෙම විෂය පිලිබඳ දැනුමක් ඇති අයයි. අලුත්ම දෘඩ තැටියක වෙනත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීමට හැකි වන සේ උබුන්ටු මෙම විකල්පය මගින් ස්ථාපනය කර ගන්න හැටි මම විස්තර කරන්නම්.

මේ සඳහා Manual විකල්පය තෝරාගන්න. ඉන්පසු පහත window එක ලැබේ.

දැන් /dev/sda තෝරා New Partition table තෝරන්න. ඉන්පසු /dev/sda වලට පසුව free space යනුවෙන් අයිතමයක් ඇතුලත් වේ. එය තෝරා New Partition තෝරන්න. එවිට create partition යනුවෙන් window එකක් පැමිණෙන අතර එයට ඔබට අවශ්‍ය ඉඩ ප්‍රමාණය (මෙගාබයිට් වලින්), Ext3 Journeling file system, Use as ඉදිරියෙනුත්, Mount Point ලෙස “/” ත් ලබා දෙන්න. අනිත් තෝරා ගැනීම් එලෙසම තබන්න. Ok click කරන්න. (ඔබගේ RAM එකේ ප්‍රමාණය මෙන් දෙගුණයක ඉඩ ප්‍රමාණයක් free space ලෙස ඉතුරු කරන්න)
Ext3 යනු Windows වල NTFS වැනි Linux වල file system එකකි. මෙහි අලුත්ම සංස්කරණය ලෙස ext4 නිකුත් වී ඇත.

Linux වල file system එක windows වල ඇති file system එකට වඩා වෙනස් සංකල්පයකින් ‍ගොඩ නැගුන එකකි. එය tree structure එකක් වන අතර මූලික(root) element එක වන්නේ “/” ය. මෙය mount point ලෙස අලුතින් සෑදූ partition එකට ලබා දීමෙන් මුලු file system එකම එක partition එකකට mount වේ. වැඩිදුර දැන ගැනීමට මෙ‍ම සටහන බලන්න.

දැන් නැවත free space තෝරා ගෙන New Partition තෝරන්න. මෙවිට පැමිණෙන window එකේ partition size එකට RAM එක මෙන් දෙගුණයක ඉඩ ඇතුලත් කරන්න. (උදා: RAM එක 512Mb නම් මෙතන 1024ක් ලෙස ඇතුලත් කරන්න). Use As සඳහා Swap Area යනුවෙන් තෝරාගෙන Ok තෝරන්න.
Swap area යනු windows වල pagefile වලට සමාන feature එකකි. එනම් RAM එක වැඩ කටයුතු සඳහා මදි වූ විට දෘඩ තැටියෙන් අමතර ඉඩක් ලබා ගැනීමයි. RAM එකේ ඇති වඩාත්ම අනවශ්‍ය ගොනු මෙම Swap එකට පිටපත් කර RAM එක නිදහස් කර දමයි. Swap area එක 32Mb ට වඩා වැඩි විය යුතු අතර 2048Mbට වඩා අඩු විය යුතුය.
ඉන්පසු ඔබ ඉදිරියට යෑමට සූදානම්. Partition නැවත සකස් කිරීමට අවශ්‍ය නම් Undo changes to partitions තෝරාගත හැකියි. මෙලෙස partition තෝරා ගැනීමේදී වෙනත් මෙහෙයුම් පද්ධතිය පසුව ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වෙනවානම් ඒ සඳහා ඉඩ free space ලෙස තබන එක සුදුසුයි.


දැන් Forward click කරන්න.

ඉන්පසු පැමිණෙන්නේ ඔබගේ පෞද්ගලික තොරතුරු ඇතුලත් කරන පියවරයි. මෙම window එකට ඔබගේ නම, පරිශිලක නාමය (username – all lower case), රහස් පදය සහ පරිගණක නාමය ඇතුලත් කරන්න. මේ මම ඇතුලත් කරපු දත්ත.
දැන් Forward click කරන්න. ඉන්පසු ස්ථාපනය කිරීම සඳහා ඔබ මෙතෙක් ලබා දුන් දත්ත තහවුරු කර ගැනීම සඳහා නැවත ඉදිරි පත් කරයි. එම දත්ත තහවුරු කර ගැනීමෙන් පසුව Install click කරන්න. ඔබට යම් දත්තයක් නැවත ඇතුලත් කිරීමට අවශ්‍යනම් Back මගින් ආපසු යා හැක.
දැන් උබුන්ටු ඔබේ පරිගණකය මත ස්ථාපනය වීමට පටන් ගනී. ඒ සඳහා කාලය ලබා දෙන්න. ස්ථාපනය අවසන් වූ පසු Restart කිරීමක් අවශ්‍ය වේ.
මෙම තිරය ආ පසු cd තැටිය ඉවත් කර Enter යතුර ඔබන්න. දැන් ඔබ උබුන්ටු ස්ථාපනය කර අවසන්!!!.

පරිගණකය restart වී උබුන්ටු ආරම්භ වුනු පසු ඔබ login screen එක පැමිණෙන අතර එතැනට ඔබ කලින් ඇතුලත් කල Username සහ password ඇතුලත් කරන්න (Username සෑම විටම lowercase බව මතක තබා ගන්න). දැන් ඔබ උබුන්ටු පද්ධතියට login වේ.