Root සර්වර් 13ක් ඇයි?

DNS ධුරාවලික ආකෘතියේ පලවෙනි මට්ටමේ තියෙන්නේ Root සර්වර්. මුලු ආකෘතියම රඳා පවතින්නේ මේ සර්වර් 13 මත. ඇයි සර්වර් 15ක් හරි 12ක් හරි නොවී 13ක් වුනේ?
DNS query එකක් යැවෙන්නේ UDP හරහා. මේ ප්‍රොටෝකෝලයට අනුව එක් පැකට් එකක් (UDP වලදි පැකට් එකක් හඳුන්වන්නේ Datagram එකක් ලෙසට) බයිට් 512ට වඩා වැඩි වෙන්න බැහැ.
ඊළඟ සැලකිය යුතු කාරණයෙ වෙන්නේ DNS [...]

DNS ක්‍රියාවලිය

බ්‍රව්සරයේ address bar එක තුල අප විසින් http://blog.example.lk ලෙස වෙබ් ලිපිනය සඳහන් කරනවා.

දැන් මෙම ලිපිනය IP address එකක් බවට පත් කල යුතුයි. මේ සඳහා මුලින්ම සේවාග්‍රාහකයා (client) ළඟ තිබෙන ගොනුවේ (hosts ගොනුව) මෙම ඩොමේනය තිබෙනවාදැයි සොය බලනවා.
එම ඩොමේනය යටතේ ඇතුලත් කිරීම තිබෙනවානම් DNS සඳහා යොමු වෙන්නේ නැහැ.
එසේ නැතිනම් ඉන්පසුව DNS සඳහා යොමු වෙනවා.

අපට අන්තර්ජාල [...]

DNS ගැන කතා

ජාලකරණය පිළිබඳ යම් අදහසක් ඇති කෙනෙක් IP address එකක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. IP address එකක් කියන්නේ සාමාන්‍ය ලෝකෙදි නිවසකට තියෙන ලිපිනයක් වගේම තමයි. ජාලය තුල තියෙන පරිගණකයක් (වඩාත් නිවැරදිව කියනවානම් NIC එකක්) අනන්‍යව හඳුනාගැනීමට යොදාගන්නේ IP address එක.
අන්තර්ජාල භාවිතය තුල IP address වැදගත් වෙන්නෙ ඉහත කියපු දේට. අන්තර්ජාලය තුල ඇති පරිගණක අනන්‍ය වූ විදියට [...]

OpenID Delegation :: ඔබේ වෙබ් අඩවි ලිපිනය OpenID URL ලෙස භාවිතය

OpenID පිළිබඳ ලිපි පෙලේ අවසාන කොටස විදියට මෙම සටහන ලියැවෙනවා.
OpenID සේවාදායකයින් ළඟ ලියාපදිංචි වුනාට පස්සේ අපිට ලැබෙන්නේ URL එකක්. එය සාමාන්‍යයෙන් ඔවුන්ගේ ඩොමේන් නාමය ඇතුලත් ලිපිනයක්. එම ලිපිනයේ සඳහන් තොරතුරු වලට අනුව තමයි අදාල OpenID සර්වරය තෝරා ගෙන අපව authenticate කර ගන්නේ. OpenID යොදාගෙන බ්ලොග් අඩවියක ප්‍රතිචාර යොදා තිබෙන තැනක් මත click කලොත් අප දර්ශනය [...]

ඔබේ වෙබ් අඩවියේ පරිශීලක කලමනාකරණය OpenID වෙත භාර දෙමු : JanRain RPX + PHP

කලින් ලිපි සටහන් දෙකක Single Sign-on හා OpenID සඳහා හඳුන්වාදීමකුත්, OpenID සේවාදායකත්වය පිළිබඳ විස්තරයකුත් කෙරුණා. එම ලිපි කියෙව්වොත් තේරෙනවා දිනෙන් දින OpenID භාවිතා කරන්නන් ප්‍රමාණය වැඩි වන බව. ඒ වගේම OpenID යොදා ගෙන වෙබ් අඩවි නිර්මාණය වඩ වඩාත් පහසු කර ගන්නත් පුලුවන් බව මේ ලිපියෙන් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා.
අපි ‍නිර්මාණය කරන වෙබ් අඩවි තුල පරිශීලකයින් කළමනාකරණය [...]

OpenID සේවාදායකයින් ගැන කෙටි හැඳින්වීමක්

අවසාන ලිපියේ සඳහන් වුන විදියට අපිට OpenID සේවාව ලබා ගත හැකි ක්‍රම දෙකක් තියෙනවා.

දැනටම මෙම සේවාව ලබා දෙන තැනකින් අපට URL එකක් ලබා ගැනීම
අපගේ domain එකක් භාවිතා ‍කර එය OpenID එකක් ලෙස යොදා ගැනීම

දැනටමත් OpenID සේවාව ලබා දෙන ප්‍රසිද්ධ සේවාදායකයින් කිහිප දෙනෙක් සිටිනවා. මෙතනදී සේවා දායකයෙක් කියන්නේ OpenID සම්මුතියට එකඟව සේවාව සපයන අය. OpenID ප්‍රධාන [...]

Single Sign-on සහ OpenID

අන්තර්ජාල පරිශීලකයින් විදිහට අපි නොයෙකුත් සේවා භාවිතා කරනවා. Gmail වැනි වෙබ් ආශ්‍රිත ඊමේල් ‍සේවා, Blogger හෝ Wordpress වැනි සේවා ආදී වශයෙන් මේවා බොහෝම පුළුල් පරාසයක විහිදෙන්න පුලුවන්. ඒ විදිහට විහිදෙන අතරේ එම සේවා සපයන සේවාදායකයින් ප්‍රමාණයත් ඉතාමත් වැඩි වෙන්න පුලුවන්. එතකොට අපි මෙම සේවා එකින් එක භාවිතා කරන්න කලින් සාමාන්‍යයෙන් username හා password ද්විත්වය භාවිතා [...]

වින්ඩෝස් තුල .htaccess ගොනුවක් සෑදීම

.htaccess කියන්නේ Apache httpd server එක සඳහා access rights ලබා දීමට උපයෝගී කරගන්නා ගොනු වර්ගයක්. උදාහරණයක් ලෙස අපට යම් කිසි ෆෝල්ඩරයක් පිට පරිශීලකයින්ට ඇතුල් වීම තහනම් කිරීමට අවශ්‍යනම් ඒ සඳහා directives මෙම .htaccess ගොනුව තුල ලියා එය අදාල ෆෝල්ඩරය තුලට පිටපත් කරන්න පුලුවන්.
. වලින් පටන් ගන්න ගොනු ලිනක්ස් තුලදී නම් සැඟවුණු ගොනු (hidden files) ලෙසටයි [...]

Eclipse ලිනක්ස් තුල ස්ථාපනය කර ගැනීම

Java සහ වෙනත් පරිගණක භාෂා භාවිතයේදී eclipse කියන්නේ හැමෝම දන්න දෙයක්. eclipse කියන්නේ IDE එකක්. නමුත් වෙනත් IDE (netbeans, Jbuilder etc) වලට වඩා developers ලාගේ සිත් ගත් එකක්. ඒ හුඟක් වෙලාවට eclipse වෙනස් කර ගන්න බොහෝම ලේසි නිසා.
ලිනක්ස් තුලට eclipse ස්ථාපනය කර ගන්න පුලුවන් විධි දෙකක් (සාමාන්‍යයෙන්) තියෙනවා. එකක් package manager භාවිතා කරලා ස්ථාපනය කර [...]